spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටියේ කොල්ලය වැළැකූ තඹුත්තේගම නිර්භීත පොලිස් සැරයන්

රුපියල් මිලියන 5ක් කොල්ල කා පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අද දහවල් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු රුපියල් කෝටියකට ආසන්න මුදල් ප්‍රමාණයක් පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා රැගෙන එමින් සිටියදී මෙම සිදුවීම වී ඇත.

මුහුණු ආවරණය කරගෙන පැමිණි දෙදෙනෙකු මුදල් කොල්ල කෑමට පැමිණ ඇති අතර එහිදී ඔහු අත තිබූ මුදල් බෑග් දෙක රැගෙන එම කොල්ලකරුවන් දෙදෙනා පළා යාමට උත්සාහ ගත් අවස්ථාවේ එම ස්ථානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු මෙම සිදුවීම දැක තිබෙනවා.ඔහු වහා ක්‍රියාත්මක වි සැකකරුවන් දෙදෙනාගේ ඉදිරියට පැන තිබේ. පොලිස් නිළධාරියාගෙන් ගැළවීයාමට සැකකරුවන් විසින් අදාළ නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර තිබේ. සැකකරුවන් ඔවුන් සතුව තිබූ තුවක්කුව ක්‍රියාත්මක කළද එය ක්‍රියාත්මක වී නැත.පොලිස් නිලධාරියා ගනු ලැබූ උත්සාහය සහ අවට සිටි පිරිසගේද සහාය ඇතුව කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?