තම සියවන එක්දින තරගයේ දී හෝප්ගේ පිත්තෙන් ශතකයක්

බටහිර ඉන්දීය කොදෙවේ කණ්ඩායම සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ජය ගන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ (24) හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර පැවති දෙවන එක්දින තරගය කඩුලු දෙකකින් ජය ගැනීමත් සමඟයි.

මෙම තරගය කොදෙව් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ෂායි හෝප්ගේ සියවන ජාත්‍යන්තර එක්දින තරගයවීම ද විශේෂත්වයක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 311ක්.

එහිදී තම ක්‍රිකට් දිවියේ සියවන ජාත්‍යන්තර එක්දින තරගයට ක්‍රීඩා කළ ෂායි හෝප් ශතකයක් රැස්කරමින් සිය කණ්ඩායමට දායකත්වය ලබා දුන්නා.

ඔහු පන්දු 135කට මුහුණ දෙමින් ලකුණු 115ක් රැස්කළ අතර ඊට හතරේ පහර 08ක් සහ හයේ පහර 03ක් ඇතුළත්.

ඊට අමතරව නායක නිකලස් පූරන් පන්දු 77කදී ලකුණු 74ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 06ක් ද සමඟින්.

පන්දු යැවීමේ දී ෂර්දුල් තාකූර් කොදෙව් කණ්ඩායමේ කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.

ලකුණු 312ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය පිතිකරුවන් අදාල ඉලක්කය පන්දුවාර 49යි පන්දු 04ක් තුළ පසුකර ගියේ කඩුලු 08ක් දැවී තිබියදීයි.

ඉන්දියාව වෙනුවෙන් ශ්‍රෙයාස් අයියර් ලකුණු 63ක් රැස්කළ අතර සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අක්සාර් පටෙල් නොදැවී ලකුණු 64ක් රැස්කළේ හයේ පහර 05ක් සහ හතරේ 03ක් සමඟින්.

මෙම තරගයේ ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48
Video thumbnail
නඩු අවසන් වූ මත්ද්‍රව්‍ය, මත්පෙති දැඩි ආරක්ෂාව මැද රැගෙන ගිය හැටි
02:06
Video thumbnail
මුහුදේ අතරමංව සිටි ඉන්දුනීසියානු ධීවරයෙක් බහු දින යාත්‍රාවකින් මුදා ගත් හැටි
02:03