AFC Banner
Empty Ad
Empty Ad

තම ව්‍යාපාරික පියා ව මරා දැමු පුත්‍රයාට අද අත් වුණ ඉරණම

දැනට වසර හතරකට පමණ ඉහත දී ඝාතනය කෙරුණු කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අලි ගුලාම් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඒ මහතාගේ පුත්‍රයා තවදුරටත් ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

එම පැමිණිල්ල අද (01) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජනී ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අපරාධයට සම්බන්ධ පුද්ගලයෙකු සාක්ෂිකරු වශයෙන් ඉදිරිපත් නොකොට සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මීට පෙර ඉල්ලීම් කර තිබූ අතර ඊට අදාළව මීළඟ දින කරුණු දක්වන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කෙරුණි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළේය.

අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරු ලබන 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර ඉදිරි පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදින ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?