තමා අගහරුවාදා අත්අඩංගුවට පත්වනු ඇතැයි ට්‍රම්ප් කියයි

හිටපු අසභ්‍ය චිතපට රංගන ශිල්පිණියකට මුදල් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් අඟහරුවාදා අත්අඩංගුවට ගනු ඇතැයි අපේක්ෂා කරන බව ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ එවැනි පියවරකට විරෝධය පළ කරන ලෙසටයි.

ලබන සතියේ ඔහුට අධිචෝදනා ගොනු කළ හැකි බවට පළවූ මාධ්‍ය වාර්තා මත පදනම් ව හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කර ඇති බව ඔහුගේ නීතීඥයෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ට්‍රම්ප් මහතාට අධිචෝදනා ගොනු කළහොත් එය හිටපු අමෙරිකානු ජනාධිපතිවරයකුට එරෙහිව පනවා ඇති පළමු අපරාධ නඩුව වනු ඇති.

එය 2024 ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වීමට වෙනුවෙන් ඔහු ගෙන යන මැතිවරණ ව්‍යාපාරයට ද බරපතල ප්‍රතිවිපාක ඇති කරන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

2016 වසරේ දී ජනාධිපතිවරණයට පෙර හිටපු අසභ්‍ය චිත්‍රපට නිළියක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ට්‍රම්ප් මහතා වෙනුවෙන් මුදල් ගෙවා ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නිව්යෝර්ක් හි නීති බලධාරීන් වසර පහක් තිස්සේ විමර්ශනය කරමින් සිටිනවා.

ඩැනියෙල්ස් පවසන්නේ ට්‍රම්ප් සමග පැවති සම්බන්ධයක් පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම වෙනුවෙන් 2016 වසරේ මැතිවරණයට පෙර ට්‍රම්ප්ගේ හිටපු නීතිවේදී මයිකල් කොහෙන් විසින් ඇයට ඩොලර් 130,000 (පවුම් 107,000) ගෙවූ බවයි.

කෙසේවෙතත් ට්‍රම්ප් මහතා ඇය සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බව ප්‍රතික්ෂේප කරන අතර මෙම නඩුව දේශපාලන පළිගැනීමක් ලෙස ප්‍රතික්ෂේප කරනවා.

මෙම සිද්ධිය හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැනට විමර්ශනය කෙරෙන සිදුවීම් කිහිපයෙන් එකක් වන අතර 76 හැවිරිදි ඔහුට තවමත් කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති අතර සෑම අවස්ථාවකම ඔහු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

එක්සත් ජනපද මාධ්‍ය සංවිධාන පවසන්නේ ට්‍රම්ප් මහතාට අධිචෝදනා ගොනු කර ලබන සතියේ මුලදී මෑන්හැටන් උසාවියක පෙනී සිටීම සඳහා සූදානම් වන බවයි.

මෙම නඩු විභාගය රහසිගතව පැවැත්වෙන අතර ට්‍රම්ප් මහතාගේ හිටපු සහායකයින් කිහිප දෙනෙකු මෙම නඩුවේ සාක්ෂි ලබා දී ඇති බව වාර්තා වනවා.

ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත්පතට අනුව, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හිටපු ජනාධිපතිවරයකු උසාවියට ගෙන ඒමට ඇති හැකියාව සහ ඊට අදාළ ප්‍රායෝගික කරුණු, ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ද සලකා බලමින් සිටින බව සඳහන්.

ට්‍රම්ප් මහතාගේ තවත් නීතීඥයෙකු වන ජෝසෆ් ටකෝපිනා පැවසුවේ ඔහුට අධිචෝදනා ගොනු කළහොත් සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුගමනය කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?