තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිලගෙන් පෙත්සමක් (වීඩියෝ)

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුති පනත යටතේ අනීතික ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දරනා වැයම වළක්වන රිට් ආඥාවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරින්ට නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මේ වන විට තායිලන්තයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින උදය ගම්මන්පිල ඇටෝනි බලපත්‍රයක් මගින් ලබාදුන් අවසරය මත ඔහු වෙනුවෙන් කොළඹ 10 නොරිස් කැනල් පාරේ අංක 59 ලිපිනයේ පදිංචි නාලක පෙරේරා විසින් නීතිඥ අනුශා සේරසිංහ මෙනවිය මගිනුයි එම පෙත්සම ⁣ගොනු කර ඇත්තේ.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන රවී සෙනෙවිරත්න, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, පොලිස්පති ප්‍රියන්ත වී⁣රසූරිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සම්බන්ධයෙන් තමා එක්තරා ජාතික පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් දඩමීමා කරගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇප ලබානොදී සිටීමේ සූදානමක් පවතින බැවින් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීමේදී හෝ පැමිණි පසු අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබෙනවා.

තමාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දිනයකදී කොටුව මෙහෙස්ත්‍රාත් අධිකරණයට හෝ වෙනත් අධිකරණයකට කරුණු වාර්තා කර ඇති බී වාර්තාව ද අභියාචනාධිකරණයට කැඳවන ලෙසත්, එකී බී වාර්තාව ප්‍රකාරව කටයුතු කිරීම වළක්වන ලෙසත් උදය ගම්මන්පිල එම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
12
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?