තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගම්මන්පිලගෙන් පෙත්සමක් (වීඩියෝ)

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුති පනත යටතේ අනීතික ලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දරනා වැයම වළක්වන රිට් ආඥාවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරින්ට නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මේ වන විට තායිලන්තයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටින උදය ගම්මන්පිල ඇටෝනි බලපත්‍රයක් මගින් ලබාදුන් අවසරය මත ඔහු වෙනුවෙන් කොළඹ 10 නොරිස් කැනල් පාරේ අංක 59 ලිපිනයේ පදිංචි නාලක පෙරේරා විසින් නීතිඥ අනුශා සේරසිංහ මෙනවිය මගිනුයි එම පෙත්සම ⁣ගොනු කර ඇත්තේ.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන රවී සෙනෙවිරත්න, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, පොලිස්පති ප්‍රියන්ත වී⁣රසූරිය ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න සම්බන්ධයෙන් තමා එක්තරා ජාතික පුවත්පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් දඩමීමා කරගෙන දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇප ලබානොදී සිටීමේ සූදානමක් පවතින බැවින් සිය පෙත්සම විභාගයට ගෙන අවසන් කර අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් ශ්‍රී ලංකාවට පැමිණීමේදී හෝ පැමිණි පසු අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබෙනවා.

තමාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දිනයකදී කොටුව මෙහෙස්ත්‍රාත් අධිකරණයට හෝ වෙනත් අධිකරණයකට කරුණු වාර්තා කර ඇති බී වාර්තාව ද අභියාචනාධිකරණයට කැඳවන ලෙසත්, එකී බී වාර්තාව ප්‍රකාරව කටයුතු කිරීම වළක්වන ලෙසත් උදය ගම්මන්පිල එම පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
12
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?