AFC Banner
AFC Banner
Empty Ad

තමාගේම අනවසර විදුලි රැහැනින් අවසන් ගමන් ගිය ගොවියා

ඇහැලියගොඩ රිලාකුඹුර වෙල්යායේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

වී සහ එළවළු වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක මෙම පුද්ගලයා ගැටී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මියගොස් ඇත්තේ පහළගම ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන්ට භාරදීමට නියමිතයි.

පොලිසිය ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා විසින්ම අදින ලද විදුලි රැහැනකින් විදුලිසැර වැදී ඇති බවට විමර්ශණයේදී හෙළිවී ඇති බවයි. ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?