තමන් නිවැරදිකරු බව හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි විත්ති කුඩුවේ සිට කියයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සියලු චෝදනාවලට තමා නිවරැදිකරු බවට විත්ති කුඩුවේ සිට ප්‍රකාශ කළා.

ඒ හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වු අවස්ථාවේ දීයි.

කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා.

නඩු විභාගය ආරම්භ වීමට මත්තෙන් මහාධිකරණ විනිසුරුවරයා විමසා සිටියේ චෝදනා වලට වැරදිකරුද නිවරැදිකරුද යන්නයි. එහිදි විත්ති කුඩුවේ සිට හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කලේ සියලු චෝදනා වට තමන් නිවරැදිකරු බවයි.

ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ වුණා.

2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම තුළින් රජයට රුපියල් 8,859,708/-ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39