තබ්බෝව අභය භුමියේ වැලි කැණිමට බලපත්‍ර දුන් නිලධාරීන්ට අධිකරණයේ පෙනි සිටින්නැයි නියෝග(ඡායාරූප)

තබ්බෝව අභය භුමියේ වැලි කැණිමට බලපත්‍ර දුන් නිලධාරීන්ට අධිකරණයේ පෙනි සිටින්නැයි අද පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් එම්.සී.හතුරුසිංහ මහතා නියෝග කළා.

ඒ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්,තම්බපන්නී ග්‍රාම නිළධාරි,භු විද්‍යා හා පතල් කැණිම් කැණීම් නිළධාරින් ඇතුළු පිරිසකට.

තබ්බෝව අභය භුමියට අයත් අංක 640 ඩි තම්බපන්නී ප්‍රදේශයේ වනජීවි දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව වැලි කපා ප්‍රවාහනය කිරීමට මෙම නිලධාරීන් අවසර දී ඇති බවට කරුවලගස්වැව අඩවි වනජීවි කාර්යාලය විසින් අධිකරණයට බි වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා.

එය අද සැලකිල්ලට ගනිමින් අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කරනු ලැබුවා.

මෙම නඩුවෙ වග උත්තරකරුවන් ලෙස කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම්,තම්බපන්නී ග්‍රාම නිළධාරි,භු විද්‍යා හා පතල කැණිම් කාර්යාංශය,පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව නම් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?