තනි සටනක යෙදුණු අලීගේ මහන්සිය අපතේ යැවූ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 77කින් පරාජයට පත් කරමින් විශිෂ්ට ජයක් ලැබීමට ඊයේ (02) රාත්‍රියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

එක්දින තරග 03කින් සමන්විත බංග්ලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඊයේ පස්වරුවේ ආරම්භ වූයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමිකර දෙමින්.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක පළමු ව පිතිකරණය තෝරා ගත්ත ද, සිතූ තරම් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන්ට තරගයේ පිතිකරණය නම් සුබ වූයේ නැහැ.

ඒ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, නිශාන් මධුෂ්ක, කමිඳු මෙන්ඩිස් අඩු ලකුණුවලට දැවී යාම හේතුවෙන්.

නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් වැටුණු ඉනිම කුසල් මෙන්ඩිස් සමග එක් ව ගොඩනැගූ චරිත් අසලංක ලකුණු 106ක් රැස් කළේ ජාත්‍යන්තර එක්දින දිවියේ 05 වැනි ශතකය ද වාර්තා කරමින්.

කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් සහ ජනිත් ලියනගේ ලකුණු 29ක් රැස් කළා.

මිලාන් රත්නායක ලකුණු 22යි.

කඩුලු බිඳ දැමීමේ දී ටස්කින් අහමඩ් කඩුලු 04ක්, ටන්සිම් හසන් කඩුලු 03ක් සහ ටන්වීර් ඉස්ලාම් හා ශන්තෝ එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් බංග්ලාදේශයට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 245ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ප්‍රවේස් හොසේන් හා ටන්සීර් හසන් අතරේ පළමු කඩුල්ලට ලකුණු 29ක සබඳතාවක් ගොඩනැගුණු අතර එය අසිත ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ ප්‍රවේස් දැවී යාමෙන් පසු බිඳ වැටුණා.

නමුත් ඉන් නොනැවතුණ ටන්සීර් හසන් හා ශන්තෝ එක් ව දෙවැනි කඩුල්ලට ලකුණු 71ක සබඳතාවක් ගොඩනැගුවා.

ඒ වනවිට ද බංග්ලාදේශ ඉනිම දැක්වුණේ ලකුණු 100ට එක් කඩුල්ලක් ලෙසයි.

තරගය ජයග්‍රහණයේ වැඩි වාසියක් ඒ වනවිටත් බංග්ලාදේශය දෙසට හැරී තිබුණු පසුබිමක ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට පන්දු රැකීම තුළ දී මිලාන් රත්නායක කඩිනමින් කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් වෙත එවූ පන්දුවෙන් ශන්තෝ දුවද්දී දැවී යාමකට හසු වීම බංග්ලාදේශයෙන් ජයග්‍රහණය උදුරා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එතැන් සිට තරගය සම්පූර්ණයෙන් ම වෙනස් කළ ශ්‍රී ලංකා දඟ පන්දු බලඇණිය බංග්ලාදේශ පිතිකරුවන්ව අසරණ කිරීමට පටන් ගත්තේ ලකුණු 07ක් පමණක් ලබාදෙමින් කඩුලු 07ක් ම ඩැහැ ගනිමින් වීම ද විශේෂත්වයක්.

පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 10කට කඩුලු 04ක් බිඳ හෙලුවා.

ඊට අනගි සහායක් දුන් කමිඳු මෙන්ඩිස් ලකුණු 19කට කඩුලු 03ක් බිඳ හෙලූ අතර, මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවේ ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය සමග මෙතෙක් ඉතිහාසයේ පවත්වා ඇති එක්දින තරග 58න් සිය මව්බිමේ දී දිනූ 21 වැනි තරග ජයත් වාර්තා කරමින්.

අවසන් මොහොත දක්වා සටන අත් නොහැරි ජකර් අලී ලකුණු 51ක් ලබාගත්තේ දැවැන්ත හයේ පහර 04ක් හා හතරේ පහර 04ක් ද එල්ල කරමින්.

කෙසේ වුවත් එම ලකුණු ප්‍රමාණය තරගය ලැජ්ජාවෙන් බේරීමට ප්‍රමාණවත් වුව ද ජයග්‍රහණයකට නම් ප්‍රමාණවත් වුණේ නැහැ.

බංග්ලාදේශය වෙනුවෙන් ටන්සිඩ් හසන් ලකුණු 62ක් ලබා ගත්තා.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දැක්වූ නායක චරිත් අසලංකට හිමිවුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය එළඹෙන 05 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
3
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?