AFC Banner
Empty Ad
Empty Ad

තද වැසි ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්

නිරිත දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් සක්‍රීය වීමත් සමඟ තද වැසි පිළිබඳ රතු වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එමෙන්ම සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද දැනුම් දෙනවා.

මේ අතර ගෙවුණු පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය හොරණ ප්‍රදේශයට ලැබී ඇති අතර, එය මිලි මීටර් 116ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?