තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පස්වරු 1.30ට මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ හෙට පස්වරු 1.30 දක්වා වලංගු වන ආකාරයෙන්.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බවයි.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර දිස්ත්‍රික් 12කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 13627කට අයත් පුද්ගලයන් 55780 දෙනෙකු ආපදාවන්ට ලක්ව සිටිනවා.

කුකුළේ ගඟ ඉහළ ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනයත් සමග කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු අද උදෑසන වන විට විවෘත කෙරුණා. කුකුළේ ගඟ ජල මට්ටම ඉහළ යාමත් සමග අඩුවෙමින් පැවති බුලත්සිංහල ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය යළි ඉහළ යමින් පවතින අතර මේ හේතුවෙන් මාර්ග කිහිපයක්ම ජලයෙන් යට වී පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගයේ ජයන්ති පාලම අසල ප්‍රදේශය ගංවතුරෙන් යටවී පවතිනවා. මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුවවෙන් මාතර දෙසට සැහැල්ලු වාහන ගමන් කිරීම නොහැකි බවයි වාර්තා වන්නේ. කොළඹ දෙස සිට මාතර දෙසට පැමිණෙන සැහැල්ලු වාහන කපුදූව පිවිසුමෙන් පිටතට පැමිණිය හැකියි.

අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික් කිහිපයක බලපෑමට ලක්ව සිටින පුද්ගලයන් 55000කට අධික පිරිස සදහා සහන සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක වනවා. බස්නාහිර හා දකුණ යන පළාත් හරහා ගලා බසින ගංගා සියල්ලම පාහේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. වර්ෂාව පවතින ප්‍රදේශවල පස් අධික තෙතමනයකින් යුක්ත බැවින් සැළකිලිමත් වන ලෙසටයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අත්තනගලු ඔයේ ජල මට්ටමද මේ වන විට සැළකිය යුතු තත්ත්වයක පවතිනවා. වර්ෂාව අඩුවීමත් සමග ජල මට්ටමේ යම් අඩුවක් දක්නට ලැබුණද යළි වර්ෂාව වැඩිවීමත් සමග අත්තනගලු ඔයේ ජල මට්ටමද ඉහළ යා හැකියි.

කිරම ඔය පිටාර ගැලීම හේතුවෙන් පලතුඩුව, ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වී පවතිවා. එමෙන්ම බෙලිඅත්ත නළගම, ප්‍රදේශයේ කුඹුරු අක්කර 250කට අධික ප්‍රමාණයක අස්වනු නෙලීමට නොහැකි තත්වයකයි පවතින්නේ. එම වෙල් යාය සති දෙකක පමණ කාලයක් ජලයෙන් යට වී පවතිනවා. වලස්මුල්ල බෙලිඅත්ත මාර්ගයේ ඕකේවෙල ප්‍රදේශයේ ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. විදුලි රැහැන් හා දුරකතන රැහැන්වලටද හානි සිදු වුණා.

පවතින කාලගුණ ත්ත්වය හමුවේ කදුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායයෑම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40