Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තණමල්විල මාරක අනතුරකින් දෙදෙනෙක්ට එතනම දිවි අහිමි වෙයි

තණමල්විල – උඩවලව මාර්ගයේ බෝදාගම ප්‍රදේශයේ දී අද (04) ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.