ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් අතට පත්වීම ගැන පාර්ලිමේන්තුවේ හදිසි විවාදයකට අවස්ථාව

මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් විසින් අත්පත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු හදිසි විවාදයක් සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කළා.

සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ අද (05) පස්වරු 3.30 සට පස්වරු 5.00 දක්වා මෙම විවාදය පැවැත්වීමට අවස්ථාව ලබාදිය හැකි බවයි.

අද (05) පාර්ලිමේන්තු සභාවාරය පැවැත්වෙන අතර තුර විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් නැගී සිටිමින් කතානායකවරයාගෙන් මෙම විවාදය ඉල්ලා සිටියා.

මෙහිදී විවාදය පස්වරු 5.30 දක්වා පවත්වාගෙන යෑමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

කෙසේ වෙතත් කතානායකවරයා මෙහිදී අවදාරණය කරමින් සඳහන් කළේ, විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට අවස්ථාව ලබාදිය නොහැකි බවත්,ඒ සඳහා අවස්ථාව ලබාදිය හැක්කේ පස්වරු 5.00 දක්වා පමණක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !