ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමත් සමඟ, ගෝලීය ආනයන සඳහා 10%ක නව බද්දක් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
මෙම නව 10%ක බද්ද ප්‍රකාශයට පත්කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා, තම වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් “මෝඩයන්” ලෙස විවේචනය කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එම තීන්දුව “භයානක” බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.
ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්විකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙනවා.
එහිදී 6-3ක බහුතරයකින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේ, ජාතික හදිසි අවස්ථා සඳහා වෙන්කර ඇති නීතිය හරහා තීරුබදු පනවා ට්‍රම්ප් ඔහුගේ අධිකාරි බලය ඉක්මවා ගොස් ඇති බවයි.



