ඩෙල්ටා උඩු යටිකුරු වෙයි… මෙරට ප්‍රධාන නගරයකට රතු එළියක්

අලුත් විකෘතිතා ඇති වීමත් සමඟම ශ්‍රී ලංකාවේ ” සුපිරි ඩෙල්ටා” ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුව තිබෙනවා.

ඒ අනුව මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ඇරැඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මහතා පවසනවා.

මේ අතර කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවට හඳුනාගෙන ඇතැයිද ඔහු ඊයේ පැවසුවා.

පිට පළාත් වලද යම් ආකාරයකට දරුණු ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය පැතිරීමට පටන් ගෙන ඇතැයි පැවසූ ජීවන්දර මහතා එන්නත්කරණ ක්‍රියාවලිය නිසා සැප්තැම්බර් මස අවසානය වනවිට රටට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බව වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පමණක් කොරෝනා පාලනය කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නිහාල් තලදුව මහතා පවසයි.

එන්නත ගැනීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් පිළිබඳව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.

ඩෙල්ටා ප්‍රභේදය ඉතා භයානක බවත් එය වේගයෙන් පැතිරී යන බව ජනතාව තේරුම් ගත යුතු බවත් ඒ මහතා පැවසීය.

මෙය නවතා ගත හැක්කේ රටේ ජනතාවට පමණක් බව පැවසූ ඔහු ඒ නිසා අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්න නිවසින් එළියට නොබසින ලෙසද ඉල්ලා සිටියේය.

මුඛ ආවරණයක් නැතිව සිටින පුද්ගලයන් උසාවි දැම්මාට කොරෝනා පාලනය නොවන බවත් හැම දෙනාම ස්වයං විනයක් ඇති කර ගත යුතු බවත් විනය ගරුකව හැසිරිය යුතු බව ඔහු තවදුරටත් පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
41
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10