ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් විශේෂය විසින් ම මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන චිකුන්ගුන්‍යා රෝගය ද පතුරුවන බව ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ වැඩබලන විශේෂඥ වෛද්‍ය අරුණි හතමුණ මහත්මිය පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ, ඊඩිස් ඇල්බොෆික්ටස් සහ ඊඩිස් ඊජිප්ටයි නමැති ඩෙංගු රෝගය පතුරුවන කාරකයින් විසින් ම චිකුන්ගුන්‍යා රෝගය ද පතුරුවන බැවින් වැඩි සැලකිල්ලක් රෝගය පිළිබඳ ව මහජනතාව දැක්විය යුතු බවයි.
රෝගයෙන් ආරක්ෂා වීමට අවට පරිසරය පිරිසිදු ව තබා ගැනීම, මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාකාරකම් සිදු කිරීම ආදි පියවර අනුගමනය කිරීම වැදගත් බව ද ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අරුණි හතමුණ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.





