ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගැන දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක්

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව දැනුම්දීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ, අනුව මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව තොරතුරු ඇත්නම් 0117 966366 යන දුරකථන අංකයට දැනුම්දීමේ හැකියාව පවතිනවා.

ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය ඇති මෙම අංකය මඟින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු සහ පැමිණිලි වාර්තා කිරීට අමතරව, ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු, මාධ්‍යවේදීන් සඳහා ඩෙංගු රෝග ව්‍යාප්තිය, මර්දනය සහ පාලනය සම්බන්ධ නිල තොරතුරු ලබාගැනීම, ඩෙංගු මර්දන කටයුතු වල නිරත රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබා ගැනීම මෙන්ම ඩෙංගු මර්දනයට අදාළ අනෙකුත් සියලු තොරතුරු ලබාදීමේ හා ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

ඩෙංගු රෝගය මර්දනය හා පාලනය සම්බන්ධයෙන් මහජනතාවට, මාධ්‍යවේදීන්ට මෙන්ම ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට නිවැරදි, විශ්වසනීය හා කඩිනම් තොරතුරු ලබාදීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කර තිබෙනවා.

මෙම ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අද (05) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහභාගී වුණා.

මෙහිදී දැනට වසංගතය පාලනය කිරීම සඳහා සිදු කර ඇති කාර්යයන් සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කාර්යයන් පිළිබඳව අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19