ඩෙංගු අධි අවදානම් කලාප ගණන ඉහළට – විශේෂ ඩෙංගු මර්දන සතියේ දෙවන දිනය අද

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මර්දන සතියේ දෙවන දිනය අදයි.

අද දිනය තුළ ද සියලුම පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩිවීමක් හමුවේ, මෙම විශේෂ මදුරු මර්දන සතිය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබුවා.

මේ අතර මෙතෙක් පැවති ඩෙංගු අධි අවදානම් කලාප 74 මේ වනවිට 84ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බවට මේ වන විට හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අතර මෙම වසරේ මේ දක්වා කාලය ඩෙංගු රෝගීන් 41,925 ක් වාර්තා වී ඇති අතර, සිදුව ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 24ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37