ඩුබායි රටේ සැඟව සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 33 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට

ඩුබායි රටේ සැඟව සිට මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 33 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇයගේ නමින් රුපියල් කෝටි හතර හමාරක මුදලක් තැන්පත්ව තිබූ බැංකු ගිණුම් ඊයේ (28 ) තහනමට ලක් කළ බව නිති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසනවා.

එලෙසම එම කාන්තාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකාරිය සන්තකයේ තිබූ රුපියල් දහ අට ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් ද තහනමට ලක් කළ බව පොලිසිය පොලිසිය පවසන්නේ.

2021 ජුලි 30 වෙනි දින හෙරොයින් මත්කුඩු මිලිගෑම් 5000 ක් හා රුපියල් දහ අට ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් සමග අඟුලාන පොලීසියේ නිලධාරීන් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය නීති විරෝධී ආකාරයෙන් උපයාගෙන ඇති දේපළ හා වත්කම් සම්බන්ධයෙන් 2006 අංක 5 දරණ මුදල් විශුද්ධි කිරීම වැළැක්වීමේ පනත ප්‍රකාරව වැඩිදුර විමර්ශනයක් සිදුකිරීම සඳහා අඟුලාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර වැඩිදුර විමර්ශන ආරම්භ කළ බව පොලිසිය කියයි.

මොරටුව අඟුලාන සයුරු පුර ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක වෙසෙන සැකකාරියගේ නමට මොරටුව ප්‍රදේශයේ ම පෞද්ගලික බැංකු හතරක පවත්වාගෙන යන ගිණුම් හතරක් සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ගිණුම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කරයි.

2021 වසරේදී ජෝර්දාන් රටේ විදේශගතව සිටියදී මුහුණු පොත හරහා මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ සංවිධානාත්මක අපරාධකරුවන් ධර්මසිරි පෙරේරා නැමැත්තා හඳුනාගෙන ඇති අතර සැකකාරිය එම වසරේ මුල් භාගයේ මෙරටට පැමිණි පසු ඇයට රැකියාවක් සොයා දෙන බවට පොරොන්දු මත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ගිණුම් අංකයක් ඉල්ලා ගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව සැකකාරිය ගිණුම් අංකයක් ලබා දීමෙන් අනතුරුව එහි ලක්ෂ 20ක මුදලක් තැන්පත් ව ඇති අතර ධර්මසිරි නැමැත්තා ඉමෝ තාක්ෂණය ඔස්සේ ලබා දුන් දුරකථන ඇමතුමක් අනුව එම මුදලින් එක් ලක්ෂ විසිපන්දහසක මුදලක් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකුට අඟුලාන සයුරු පුර ප්‍රදේශයේ නිවස අසලදී දී ලබාදුන් බවට අනාවරණය කළ බව පොලිසිය කියයි.

සැකකාරිය ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇයගේ ගිණුම් තිබෙන්නේ බැංකු දෙකක බව ප්‍රකාශ කළද ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් වාර්තා කැඳවා සිදුකළ විමර්ශනවලදී ඇයගේ නමට තවත් පෞද්ගලික බැංකු දෙකක ගිණුම් ඇති බවට අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබිණි.

සැකකාරියගේ නමින් බැංකු ගිණුම් හතරෙ සංසරණය වී ඇති මුදල් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් උපයා ගන්නා ලද මුදල් බවට විශ්වාස කිරීමට තරම් සාධාරණ හේතු නිරීක්ෂණය වීමෙන් පසු ඉහත බැංකු ගිණුම්වල හිමිකාරිය වෙත සහ බැංකු හතරෙ කළමනාකරුවන් වෙත මුදල් විශුද්ධි කිරීම පනත ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් බැංකු ගිණුම් ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ බව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙකු පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10