ඩිල්ෂාන් මධුසංක ලෝක කුසලානයෙන් ඉවතට ?

පුහුණුවීම් අතර තුර ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංකට ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුව ඇති බව වාර්තා වනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) සහභාගී වූ පුහුණුවීම් අතර තුර ඩිල්ෂාන් මධුසංක ආබාධයකට ලක් වුණා.

ඔහුගේ කලවයේ ඉදිරිපස කොටසේ මාංශ පේශීවල යම් ආබාධයක් ඇතිව තිබෙන බවටයි මූලික පරීක්ෂණවල දී තහවුරු වුණේ.

පසුව ඩිල්ෂාන් මධුසංකව ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට පියවර ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?