AFC Banner
Empty Ad
Empty Ad

ඩිජිටල් තාක්ෂණයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් දරුවන් සන්නද්ධ කළ යුතු බව විපක්ෂ නායක කියයි

රටේ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි අධ්‍යාපනය මෙන්ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ද ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ හරහා දරු පරපුර දැනුමින් සන්නද්ධ කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

ලක්ෂ හතළිහකට වැඩි දරුවන් වෙනුවෙන් නොමිලේ නිල ඇඳුම් ලබාදෙමින්, නොමිලේ දිවා ආහාරය ලබා දුන් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ තිස් වන ගුණානුස්මරණය එළඹෙන මැයි මස පළමුවනදාට යෙදී ඇති බව ඔහු සඳහන් කළා.

ඒ වෙනුවෙන් පාසල් 30ක ස්මාර්ට් පන්ති කාමර ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි විපක්ෂ නායකවරයා කියාසිටියේ.

රණසිංහ ප්‍රේමදාස මහතාගේ 100 වන ජන්ම දිනය ලබන වසරේ එළඹෙන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් තවත් පාසල් සියයකට සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ තිස්සමහාරාම යටාලතිස්ස ප්‍රාථමික විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?