ඩිජිටල් ආර්ථිකය නඟාසිටුවීමෙන් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක්

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට ඩිජිටල් ආර්ථිකය නඟාසිටුවීමෙන් 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් ලබාදීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ භාණ්ඩාගාරික ඉන්දික ද සොයිසා මහතා පවසනවා.

මේ වන විට ඩිජිටල් ආර්ථිකයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් දළ දේශීය නිෂ්පාදිතයට ලබා දෙන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන “DIGIECON Sri Lanka 2030″ වැඩසටහනට සමාගමීව ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඉලක්කයට යෑමට හැකියාව ඇති බවයි ඉන්දික ද සොයිසා මහතා පෙන්වා දුන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ ‘ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව – 2023‘ පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

‘තිරසර ඩිජිටල් සමාජයක් කරා’ යන තේමාව ඔස්සේ ජාතික තොරතුරු තාක්ෂණ සමුළුව 41 වැනි වරටත් කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී ඔක්තෝබර් 11 වැනිදා සිට 13 වැනිදා දක්වා පැවැත්වෙන අතර, මෙම සමුළුව ශ්‍රී ලංකා පරිගණක සංගමය විසින් සංවිධානය කරනු ලබනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික සොයිසා මහතා,

‘‘තිරසර ඩිජිටල් සමාජයක් කරා” රජයේ දැක්මට අනුව ඩිජිටල් ආර්ථිකයකට ගමන් කරන DIGIECON 2030 වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගවත් කිරීම සඳහා තාක්ෂණය භාවිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වනවා. තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මෙරට තාක්‍ෂණය බලගැන්වීමට ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දීම සම්බන්ධයෙන් රජයට ප්‍රශංසා කරනවා.

ඩිජිටල් ආර්ථිකයක් ගැන අද හැමෝම කතා කරනවා. ලෝකයේ දියුණු රටවල් ඩිජිටල් ආර්ථිකයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය 40%ක් පමණ වෙනවා. අනිකුත් රටවල් හා සැසඳීමේදී 20%ක දායකත්වයක් ලබා දෙනවා. මෙරට ඩිජිටල් ආර්ථිකයට දැනට ලබාදෙන 5%ක දායකත්වය 20%ක් දක්වා ඉහළ නංවාලීමට අපට හැකියාව තිබෙනවා.

ඒ වගේම මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දැනට ලබා දෙන ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක මුදල 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරනවා.

DIGIECON 2030 රජයේ වැඩපිළිවෙළට සමාගමීව ඉදිරි වසර 7 සඳහා වූ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරමින් පවතිනවා. ඩිජිටල් ආර්ථිකය නඟාසිටුවීමෙන් මෙරට ජනතාවගේ තාක්ෂණ දැනුම වැඩිදියුණු කිරීමේ උත්ප්‍රේරක කාර්යභාරයක අවශ්‍යතාව අද තිබෙනවා.

2030 වසර වන විට ඩිජිටල් ආර්ථික ප්‍රධාන සැලැස්මක් සහ නියාමන ප්‍රතිපත්ති රාමුවක් එළිදැක්වීමට ද පියවර ගනු ලබනවා. එය මෙරට ඩිජිටල් ආර්ථිකය වේගවත් කිරීමට ද උත්ප්‍රේරකයක් වනවා නොඅනුමානයි.

මෙවර සමුළුව ප්‍රධාන අරමුණු හයක් ඔස්සේ, ප්‍රවීණ දේශීය හා ජාත්‍යන්තර කථිකයන් තිස් දෙනෙකුට වැඩි ප්‍රමාණයක් දේශන පැවැත්වීමට නියමිතයි. මූල්‍ය තාක්‍ෂණය, අධ්‍යාපන තාක්ෂණය, සංචාරක තාක්ෂණය, තොරතුරු ආරක්ෂාව, කෘෂිකාර්මික තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික සෞඛ්‍ය සේවා යන කරුණු හය ඔස්සේ මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම උත්සවයට සමගාමීව මෙරට හොඳම සහ විශිෂ්ටතම පරිගණක වෘත්තිකයන්ට ත්‍යාග පිරිනැමීමට සහ පරිගණක කේෂ්ත්‍රෙය් විශිෂ්ටයන් ඇගයීමට ද කටයුතු යොදා තිබෙනවා.

මෙවර සමුළුවේ සුවිශේෂී වැඩසටහනක් ලෙස ඩිජිටල් ආයෝජන සමුළුව හඳුන්වන්න පුළුවන්. එය මෙරට ප්‍රවීණ තොරතුරු තාක්ෂණ සමාගම්වලට අනාගත ආයෝජකයන් හඳුනා ගැනීමටත් සහ තොරතුරු තාක්ෂණ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක ඉලක්කය කරා ළඟා වීමටත් අරමුණු කරගෙන තිබෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය ලබාදෙන සහාය අගය කළ යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙම සමුළුව සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, තාක්ෂණ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ද ඊට සහාය ලබා දෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති – ආචාර්ය අජන්තා අතුකෝරල, ජාතික තොරතුරු තාක්ෂණ සමුළුවේ සම සභාපති – ආචාර්ය නිරෝෂා වෙදසිංහ, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ලේකම් – හේෂාන් කරුණාරත්න, DIGIECON 2023 -2030 ව්‍යාපෘති අධ්‍යක්ෂ – ප්‍රසාද් සමරවික්‍රම, ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සාමාජික ආචාර්ය අමල් ඉලේසිංහ ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34