රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බර් 18 වනදා සිට සිදුකරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව මේ වනවිට රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ අටක ප්‍රමාණයක් ඇති බවයි.
අද (08) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව පවතින රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 08 අවසන්වීමට පෙර තවත් රියදුරු බලපත්‍ර කාඩ් ලක්ෂ 10ක ප්‍රමාණයක් ඇනවුම් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එම රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමට රජය මඟින් සිදුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.
මීට පෙර රියදුරු බලපත්‍රය මුද්‍රණය, මෙට්‍රෝ පොලිටන් නැමැති පුද්ගලික ආයතනයක් මඟින් සිදුකළ බව සඳහන් කළ ඔහු, එහිදී එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීමට රුපියල් 534.54ක මුදලක් වැයවූ බවයි.
කෙසේ වෙතත් ඉදිරියේ දී රජය විසින් රියදුරු බලපත්‍ර මුදනය කිරීමට ආරම්භ කිරීමත් සමඟ එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම වෙනුවෙන් රුපියල් 368.16ක පමණ මුදලක් වැයවන බවයි අමාත්‍ය බිමල් රත්නායක අවධාරණය කළේ.
ඒ, අනුව එක් රියදුරු බලපත්‍රයක් මුද්‍රණය කිරීම වෙනුවෙන් රුපියල් 166ක මුදලක් රජයට ඉතිරිකර ගැනීමට හැකිවන බවයි ඔහු මෙහිදී පැවසුවේ.





