ඩලස් අලහප්පෙරුම ජනපතිට ලිපියක් යවයි

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කර, නිශ්චිත කාල සීමාවක් සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියා මාර්ගය බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යවමින් සඳහන් කර තිබෙනවා.

රට දේශපාලන වශයෙන් මෙන් ම, ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ගත හැකි ප්‍රායෝගිකම විසඳුම එය යැයි ද ඇමැතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපිය ලිපියේ සඳහන් කර ඇත්තේ.

එවන් ක්‍රියාමාර්ගයකදී, වරප්‍රසාද හෝ තනතුරක් බාර නොගෙන, අවශ්‍ය සහාය රට වෙනුවෙන් මෙන්ම, පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටින බව ද ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.

ජනමාධ්‍ය ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙමින් ඔහු මෙම ලිපිය යොමු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?