ඩයනා, සුජිත් සහ රෝහණට පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව සම්මතයි – විපක්ෂය සභාගැබෙන් පිටවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාව සඳහා අද (02) පාර්ලිමේන්තුවේ දී ඡන්දයක් පැවැත් වුණා.

ඒ, අනුව එම යෝජනාව සඳහා පක්ෂ ව ඡන්ද 57ක් ද, විපක්ෂව එක් ඡන්දයක් ද හිමි වුණා.

එමෙන්ම මන්ත්‍රීවරුන් තිදෙනෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටි අතර, මෙම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත කරගනු ලැබුවා.

කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඡන්දය විමසීමට පෙර සභා ගර්භයෙන් පිටව ගියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ. සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාරට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කිරීම පිළිබඳ යෝජනාව සභානායකවරයා විසින් අද (02) සභාගත කරනු ලැබුවා.

අද දිනයේ මෙලෙස සභාගත කළ වාර්තාව යම් යම් නොඑකඟතා ඇති බවට විපක්ෂයේ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කිරීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශ අනුව මෙම මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය 2023 දෙසැම්බර් 02 දින සිට මාසයක කාලයක් සඳහා අත්හිටුවීම සිදුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?