ඩඩ්ලි සිරිසේන සභාපතීත්වය දරන අරලිය සමූහ ව්‍යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
සිය මුහුණුපොත හරහා මේ පිලිබඳ සටහනක් තබමින් ඩඩ්ලි සිරිසේන කියන සිටියේ මෙම මුදලට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වූවන්ගේ සහන වැඩසටහන් වෙනුවෙන් සහ සියලුම සහන සේවා කටයුතු වෙනුවෙන් තවදුරටත් ඔහුගේ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
“අරලිය වෙතින් තවත් මිලියන 100 ක්.!, මාගේ අරලිය සමූහ ව්‍යාපාරය මඟින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 100ක මුදලක් අද දින මා විසින් පරිත්‍යාග කළා.
මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වූවන්ගේ සහන වැඩසටහන් වෙනුවෙන් සහ සියලුම සහන සේවා කටයුතු වෙනුවෙන් තවදුරටත් මාගේ සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව මා විසින් මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත අවධාරණය කළා.
එසේම, මේ සියලු කර්තව්‍යයන් සිදුකිරීම වෙනුවෙන් මා හට ඉමහත් ශක්තියක් ලබා දෙන මගේ පුත් දිමිත්‍ර ඇතුලු අරලිය පවුලේ ඉහළ කළමණාකාරීත්වයටත්, මාගේ අරලිය සමූහයේ සියලුම ආයතන වල සේවක මණ්ඩළයටත් හදපිරි කෘතඥතාව මෙසේ පිරිණමනවා.” යැයි ඔහුගේ මුහුණුපොතේ වැඩිදුරටත් සඳහන් වුණා.
.















