ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ගැන දිමුත්ගෙන් ඉල්ලීමක්

ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පිළිබඳව නැවත සලකා බලන ලෙස තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අනාවරණ කළේ තමන් මීට පෙර මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ නමුත් නායකත්වයේ දිගටම කටයුතු කරන ලෙස තේරීම් කමිටු නිලධාරීන් විසින් ඉල්ලා සිටි බවයි.

දැනට පැවැත්වෙන පාකිස්ථාන තරඟාවලියෙන් පසු නායකත්වය පිළිබඳ යළි සලකා බලන ලෙස තමන් නැවත වරක් තේරීම් කමිටු සාමාජිකයින්ගෙන් ඉල්ලා ඇති බව දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළා.

තම ඉතිරි ක්‍රීඩා කාලය තුළ පිතිකරුවෙකු ලෙස දස්කම් දැක්වීමට අවධානය යොමු කිරීමට කැමැත්තෙන් සිටින බවයි වත්මන් ටෙස්ට් නායකයා සඳහන් කළේ.

“නායකත්වයට වඩා සුදුසු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා. මම පෞද්ගලිකව දැකලා තියෙනවා සමහර ක්‍රීඩකයන් මේ වගකීම භාරගන්න දක්ෂ ක්‍රීඩකයන්. නව නායකයෙකු පත් කිරීමට තේරීම් කමිටුව එකඟ වන්නේ නම්, මම කැමැත්තෙන්ම නායකත්වය තෝරාගත් ක්‍රීඩකයාට භාර දෙන අතර කණ්ඩායමේ පිතිකරුවෙකු ලෙස මගේ කාර්යයන් ඉටු කිරීමට අවධානය යොමු කරනවා,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව මීළඟට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ 2024 පෙබරවාරි මාසයේදී බව පෙන්වා දුන් ඔහු ප්‍රකාශ කළේ නව නායකයකු තෝරා ගැනීමට තේරීම් කමිටුවට ප්‍රමාණවත් කාලයක් තිබෙන බවයි.

දිමුත් කරුණාරත්න මේ බව කියා සිටියේ පාකිස්ථානය සමග අද පැවති පළමු ටෙස්ට් තරඟයේ පරාජයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
6
+1
4
+1
8
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
00:00
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51

?