ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ගැන දිමුත්ගෙන් ඉල්ලීමක්

ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය පිළිබඳව නැවත සලකා බලන ලෙස තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු අනාවරණ කළේ තමන් මීට පෙර මේ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ නමුත් නායකත්වයේ දිගටම කටයුතු කරන ලෙස තේරීම් කමිටු නිලධාරීන් විසින් ඉල්ලා සිටි බවයි.

දැනට පැවැත්වෙන පාකිස්ථාන තරඟාවලියෙන් පසු නායකත්වය පිළිබඳ යළි සලකා බලන ලෙස තමන් නැවත වරක් තේරීම් කමිටු සාමාජිකයින්ගෙන් ඉල්ලා ඇති බව දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළා.

තම ඉතිරි ක්‍රීඩා කාලය තුළ පිතිකරුවෙකු ලෙස දස්කම් දැක්වීමට අවධානය යොමු කිරීමට කැමැත්තෙන් සිටින බවයි වත්මන් ටෙස්ට් නායකයා සඳහන් කළේ.

“නායකත්වයට වඩා සුදුසු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා. මම පෞද්ගලිකව දැකලා තියෙනවා සමහර ක්‍රීඩකයන් මේ වගකීම භාරගන්න දක්ෂ ක්‍රීඩකයන්. නව නායකයෙකු පත් කිරීමට තේරීම් කමිටුව එකඟ වන්නේ නම්, මම කැමැත්තෙන්ම නායකත්වය තෝරාගත් ක්‍රීඩකයාට භාර දෙන අතර කණ්ඩායමේ පිතිකරුවෙකු ලෙස මගේ කාර්යයන් ඉටු කිරීමට අවධානය යොමු කරනවා,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව මීළඟට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ 2024 පෙබරවාරි මාසයේදී බව පෙන්වා දුන් ඔහු ප්‍රකාශ කළේ නව නායකයකු තෝරා ගැනීමට තේරීම් කමිටුවට ප්‍රමාණවත් කාලයක් තිබෙන බවයි.

දිමුත් කරුණාරත්න මේ බව කියා සිටියේ පාකිස්ථානය සමග අද පැවති පළමු ටෙස්ට් තරඟයේ පරාජයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
6
+1
4
+1
8
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04