Empty Ad
Empty Ad
AFC Banner

ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකාව හමුවේ වාර්තා කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 02කින් සමන්විත තීරණාත්මක ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දී සිය පළමු ඉනිම ම ඓතිහාසික ටෙස්ට් වාර්තාවක් සමගින් සියලු දෙනා මීට ටික වේලාවකට පෙර (28) ඉතිහාසයේ ශ්‍රී ලංකාව වාර්තා කළ අවම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවට දැවී යමින් වාර්තා අලුත් කරගන්නට සමත් වුණා.

දකුණු අප්‍රිකානු වේග පන්දු බලඇණිය හමුවේ අන්ත අසරණ තත්ත්වයකට ඇද වැටුණු ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා ම ලකුණු 42ක් වැනි ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගන්නටයි දකුණු අප්‍රිකාව සමත් වූයේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමු ව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවෙන් ඇරයුම් ලද දකුණු අප්‍රිකා කණ්ඩායම ද පිතිකරණයේ දී යම් අසීරුතාවකට පළමු ඉනිමේ දී ලක් වුව ද, නායක බවුමාගේ අනගි ලකුණු 70ත් සමගින් සිය ඉනිම 191ක් දක්වා ඔසවා ගැනීමටයි ඔවුන් සමත් වූයේ.

නමුත් පන්දුවෙන් දස්කම් පළමු ඉනිමේ දී පෑ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණ රටාව යළි යළිත් මව්බිමෙන් පිටත දී ඉස්මතු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජාත්‍යන්තර ටෙස්ට් ඉතිහාසයේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවට අද දිනයේ දී හිමිකම් කීමට සමත් වුණා.

මීට පෙර ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක දී දැවී ගොස් ඇති අවම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 71ක්.

ඒ සිය මව්බිමේ දී පාකිස්තානයට එරෙහිව වර්ෂ 1994දියි.

නමුත් ශ්‍රී ලංකාව මව්බිමෙන් පිටතදී ක්‍රීඩා කළ ටෙස්ට් තරගයක දී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද අද අලුත් කරගන්නට සමත් වුණා.

මීට පෙර මව්බිමෙන් පිටත දී ශ්‍රී ලංකා කණ්ඩායම 1990 වර්ෂයේ චන්ඩිග්‍රාහ් හි දී ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 82කට සීමා කෙරුණා.

එම සීමාව ද අලුත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දී පළමු වරට දේශයෙන් පිටත ටෙස්ට් තරගයක දී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව සේ ම, දකුණු අප්‍රිකාව හමුවේ ටෙස්ට් තරගයක දී දැවී අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද අලුත් කරගත්තා.

මීට පෙර ශ්‍රී ලංකාව කේප් ටවුන් හි දී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 95කට 2001 වර්ෂයේ දී දැවී ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව 2017 දී දකුණු අප්‍රිකාවට ම එරෙහිව කේප් ටවුන් හි දී ශ්‍රී ලංකාව දැවී ගොස් ඇත්තේ ලකුණු 110කටයි.

ඉතිහාසයේ පෙර විරූ නොවූ අයුරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තුව තවදුරටත් ඈත් කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දකුණු අප්‍රිකාවේ මාකො ජැන්සන් ලකුණු 13කට දවාගත් කඩුලු සංඛ්‍යාව 07ක්.

එමෙන්ම ජැන්සන් තම කඩුලු බිඳීමේ වාර්තාවක් ද අලුත් කරගත්තා.

ඒ මීට පෙර ටෙස්ට් තරගයක දී යොමු කර තිබූ විශිෂ්ටතම පන්දු යැවීම වන්නේ ලකුණු 35කට කඩුලු 05ක් බිඳ දැමීම වන අතර ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් දෙමින් කඩුලු 10න් කඩුලු 07ක් ම තමන්ගේ නම ඉදිරියෙන් ලියා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨතම පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණ රටාවත්, නවක ක්‍රීඩකයින්ගේ විශ්වසනීයත්වයෙන් තොර පිතිහරඹයත් අද තරගයේ කැපී පෙනෙන සිදුවීමක් වුණා.

ජෙන්සන්ට අමතරව කොට්සේ කඩුලු 02ක් සහ රබාඩා එක් කඩුල්ලක් දවාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් ම දැවී රැස් කළේ ලකුණු 42ක් පමණයි.

කමිඳු මෙන්ඩිස් හැර කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව හෝ පසුකර යන්නට ඉඩක් ලැබුණේ නැහැ.

ඒ අනුව සිය පළමු ඉනිමට ලකුණු 191ක් ලබාගත් දකුණු අප්‍රිකාවට වඩා ශ්‍රී ලංකාව තවත් ලකුණු 149ක් පසුපසින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
5
+1
28
+1
5
+1
15
+1
2
+1
20
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?