දෙවුන්දර වෙඩි තැබීමේ සිද්ධියට අවශ්‍යව කර සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේ දී වෙඩි තබා තරුණයින් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍යව කර සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා නීතිඥවරු මාර්ගයෙන් ඊයේ (07) ගන්දර පොලිස් ස්ථානයට භාරවීමෙන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 26 සහ 35 යන වයස්වල පසුවන ගන්දර හා දෙව්නුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
.
පසුගිය මාර්තු මාසයේ 21 වන දින රාත්‍රී කාලයේ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙක්ට වෑන් රථයකින් පැමිණි පිරිසක් යතුරුපැදිය අනතුරට ලක්කිරීමෙන් පසු වෙඩි තබා පළාගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23