ටෙලි නාට්‍ය නිළි සමන්තා ඈපාසිංහ කොරෝනා වැලදි මියයයි

අසල්වැසියෝ, දත්කැකුළු පාලා ආදී මුල් කාලීන ටෙලි නාට්‍ය ගණනාවකින් දක්ෂතාවයන් ප්‍රකට කළ රංගන ශිල්පිණී සමන්තා ඈපාසිංහ අද(3) දින අභවප්‍රාප්ත වූ බව වාර්තා විය.
කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගියාය.කෙළි මඩල, රජෙක් වගේ පුතෙක්,සයනයේ සිහිනය, විජය ගීතා, ලොකුදුව, ඇයි ඔබ තනිවෙලා, සිහින විමානේ රාජ කුමාරි, පුතුනි මට වාසනා, ඇතුළු චිත්‍රපට රැසකට ද ඇය සිය රංගන දායකත්වය ලබාදී ඇති අතර වේදිකා නිලියක ලෙසද නටයුතු කර තිබේ. රජෙක් වගේ පුතෙක් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 1993 වසරේදී හොදම නැගී එන නිළිය ලෙස සරසවි සම්මානය දිනා ඇත. කෙසේ වෙතත් ඇය 2001 දී පමණ එංගලන්තයේ පදිංචියට ගිය නිසා ටෙලි නාට්‍ය කලාවෙන් ඉවත්වූ අතර 2011 ඇය නැවත සිය රට පැමිණියේ ඇයට විදේශයේදී හටගත් රෝගී තත්ව කිහිපයකට ප්‍රතිකාර ලබමිනි.

අනතුරුව ඇය දිගටම ශ්‍රී ලංකාවෙහි රැඳුණාය. ඇය විවාහ ජීවිතයට පිවිස තිබුනේ නැති අතර මව සමග නිවසේ සිටියාය. මියගිය සමන්තාගේ අවසන් කටයුතු සෞඛ්‍ය නිර්දේශ අනුව සිදුවිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09