Empty Ad
AFC Banner
Empty Ad

ටෙලිෆෝනයට අලියාගේ අත ගන්න කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි (වීඩියෝ)

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයට එක් පක්ෂයක් ලෙස එකතු වී දේශපාලන ගමන යාමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

ඊයේ (16) පස්වරුවේ මෙම අනුමැතිය හිමි වූ බවයි දසත වාර්තාකරු පැවසුවේ.

සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ඊයේ පස්වරුවේ පිටකෝට්ටේ සිය පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා.

පස්වරු 05 සිට රාත්‍රී 08 තෙක් මෙම සාකච්ඡා පැවැත්වූ අතර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ආණ්ඩුව කී දේ සහ කරන දේ අතර විශාල පරතරයක් ඇති බවත් ඉදිරි මැතිවරණ සඳහා සියලු පක්ෂ සමග සාකච්ඡා කිරීමට අදාළ ව කමිටු පත් කර ඇති බවයි.

ජනාධිපතිවරයාගේ චීන සංචාරය බෙහෙවින් අගය කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ එය දෙරට අතර සහයෝගීතාවට හොඳ බවයි.

මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද මාධ්‍යය වෙත අදහස් දැක්වූවා.

ඔහු සඳහන් කළේ ඉදිරි මැතිවරණවල දී එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂ සමග සාකච්ඡා කර තරග කිරීමට අදහස් කරන බවත් ඒ සඳහා අනුමැතිය හිමි වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?