AFC Banner
Empty Ad
Empty Ad

ටෙලිසන්නිවේදන සේවා සමාගමක බලපත්‍ර අත්හිටුවයි

ඇමරිකා එක්සත් ජනපද රජය “ජාතික ආරක්ෂාව” සම්බන්ධයෙන් කරුණු දක්වමින්, චීනයේ විශාලතම විදුලි සංදේශ සමාගමක එක්සත් ජනපද බලපත්‍රය අහෝසිකර ඇත.

‘චයිනා ටෙලිකොම්’ නම් එම සමාගම එක්සත් ජනපදය තුළ සේවා සැපයීම දින 60ක් තුළ නවතා දැමිය යුතුයැ යි නියෝගකර තිබේ.

බලධාරීන් පවසන්නේ, එම සමාගමේ පාලනය චීන රජයසතු වීම නිසා “එක්සත් ජනපද සන්නිවේදන කටයුතුවලට ප්‍රවේශ වීමට, දත්ත ගබඩාකර ගැනීමට, බාධා එල්ල කිරීමට, සහ/හෝ වැරදි මඟට යොමු කිරීමට” එම සමාගමට අවස්ථාව ලැබෙනබව යි.

එමඟින් ඔවුනට “එක්සත් ජනපදයට විරුද්ධව ඔත්තු බැලීමට සහ වෙනත් හානිකර ක්‍රියාකාරකම්හි යෙදීමට” ඉඩකඩ ලැබේයැ යි ඔවුහු පවසති.

වසර 20ක කාලයක් පුරාවට එක්සත් ජනපදය තුළ සේවා සපයා ඇති චයිනා ටෙලිකොම් සමාගම පවසන්නේ මෙය “කළකිරවනසුළු” තීරණයක්බව යි.

“අපි අපගේ ගනුදෙනුකරුවන්ට අඛණ්ඩව සේවය කරනා අතරම, හැකි සෑම විකල්පයක්ම හඹා යෑමට සැලසුම් කරමු,” යනුවෙන් ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

‘චයිනා ටෙලිකොම්’ යනු චීනයේ සන්නිවේදන සේවා සැපයුම් කරුවන් අතර ආධිපත්‍යය දරන සමාගම් ත්‍රිත්වයෙන් එකකි. මෙම සමාගම බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සබඳතාවන්ගේ සිට ජංගම සහ ස්ථාවර දුරකථන සේවා දක්වා සේවාවන් සපයන අතර, රටවල් 110ක මිලියන සිය ගණනක් දෙනා ඔවුන්ගේ පාරිභෝගිකයන් වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?