සංචාරක සමය වෙනුවෙන් පහසුකම් නැංවීමට වැඩසටහන් රැසක්

ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර තිබෙනවා.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට අවශ්‍ය කඩිනම් තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරන ලද විශේෂ කාර්යසාධක බලකාය දෙවන වරට ඊයේ (14) ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

ඒ අනුව, සංචාරකයන්ට වීසා ලබා ගැනීම පහසු කිරීම සහ විද්‍යුත් සංචාරක අවසර පත්‍ර (ETA) ලබා දීමට අදාළ කරුණු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, සංචාරකයන් මෙරටට පැමිණිමේදී ගුවන් තොටුපොළේදී ඇති වන තදබදය අවම කර ගැනීම සඳහා කවුන්ටර වැඩි කිරීම සහ සංචාරකයන් විවිධ ස්ථාන නැරඹීමට යාමේදී ප්‍රවේශ පත්‍ර ලබා ගත යුතු ස්ථානවලදී එම ප්‍රවේශ පත්‍ර Online ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සැලසීම ආදිය පිළිබඳවද සාකච්ඡා ලක්ව තිබෙනවා.

සංචාරකයන් සහ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වුණා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා ඇතුළු පිරිසක් සහ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ආයතනවල ප්‍රධානීන්ද, සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බාලේන්ද්‍ර, EKHO හෝටෙල්ස් සහ රිසෝට්ස් හි උප සභාපති නිහාල් මුහන්දිරම් යන අය ඇතුළු නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?