ටියුනීසියාව ආසන්න මුහුදේ සංක්‍රමණික යාත්‍රා දෙකක් අනතුරට ලක්වෙයි

ටියුනීසියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

එක් බෝට්ටුවක් සිකුරාදා ටියුනීසියාවෙන් ඉතාලිය බලා පිටත් වූ අතර එහි 37 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි සඳහන් වන්නේ.

20 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර 17 දෙනෙකු බේරාගෙන ඇති බව ටියුනිසියාවේ ප්‍රකාශකයෙක් හෙළිකර තිබෙනවා.

සෙනසුරාදා, දෙවන බෝට්ටුව ගිලී යාමෙන් පසු මළ සිරුරු හතරක් වෙරළ තීරයකින් සොයා ගනු ලැබුවා.

දෙවන බෝට්ටුවේ සිටි තිස් හය දෙනෙකු බේරාගෙන ඇති අතර තිදෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

මාර්තු මාසය ආරම්භයේ සිට, ටියුනීසියාවට ඔබ්බෙන් අවම වශයෙන් එවැනි බෝට්ටු අනතුරු හතක් සිදුවී ඇති අතර, පුද්ගලයන් 100 ක් පමණ මිය ගොස් හෝ අතුරුදහන් වී තිබෙනවා.

ටියුනීසියානු වෙරළ තීරයේ කොටස් ඉතාලි දූපතක් වන ලැම්පෙඩුසා සිට කිලෝමීටර 150 ක් පමණ දුරින් පිහිටීම හේතුවෙන් ප්‍රධාන ගොඩබිමට හරස් මාර්ගයක් ලෙස ඒ ආසන්න මුහුදු තීරය නිරන්තරයෙන් භාවිතා වනවා.

මැදපෙරදිග මෙන්ම අප්‍රිකාවේ ගැටුම් සහ දරුණු දරිද්‍රතාවය හමුවේ පලා යන යුරෝපයේ රටවල වඩා හොඳ ජීවිතයක් සොයන මිනිසුන්ගේ ප්‍රධාන පිටවීමේ මධ්‍යස්ථානයක් ලෙස ටියුනීසියාව, ලිබියාව හරහා ඉතාලියට යාම සාමාන්‍ය සිදුවීමක්.

මේ වසරේ මුල් මාස තුන තුළ, සංක්‍රමණිකයන් 14,000 කට වැඩි පිරිසක් (ඔවුන්ගෙන් වැඩි දෙනෙක් උප සහරා අප්‍රිකාවේ සිට) ටියුනීසියාවේ සිට යුරෝපයට පැමිණීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති බව වෙරළාරක්ෂක බලකාය පවසනවා.

එම සංඛ්‍යාව පසුගිය වසරේ අදාළ කාලයට වඩා පස් ගුණයකින් වැඩි බව සඳහන්.

සංක්‍රමණිකයන් බොහෝ විට අනාරක්ෂිත යාත්‍රාවල ප්‍රවාහනය කිරීම සඳහා මිනිස් ජාවාරම්කරුවන් වෙත විශාල මුදලක් ගෙවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07