ටිම් ඩේවිඩ්ගේ සුපිරි ප්‍රහාරයෙන් කොදෙව්වන්ට අමිහිරි 20-20 තරග පරාජයක්

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබිය දී ජය ගන්නට ඕස්ට්‍රේලියාවට අද (26) හැකියාව ලැබුණා.

ඒ, දෙරට අතර අද පැවති තුන්වන විස්සයි විස්ස තරගය ජයගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වීමත් සමඟයි.

ඕස්ට්‍රේලියානු පිතිකරු ටිම් ඩේවිඩ් රැස්කළ විශිෂ්ඨ ශතකයත් සමඟ ඕස්ට්‍රේලියාව මෙම තරගය කඩුලු 06කින් ජයගත්තා.

ශාන්ත කිට්ස් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 214ක් රැස් කළා.

එහිදී නායක ෂායි හෝප් නොදැවී ලකුණු 102ක් රැස්කරමින් කොදෙව් ඉනිම ගොඩනැඟුවා.

ආරම්භක පිතිකරු බ්‍රැන්ඩන් කිං ලකුණු 62ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නේතන් එලිස්, ඇඩම් සැම්පා සහ මිචෙල් ඕවන් එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 215ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් එල ඉලක්කය පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ පසුකර ගියේ කඩුලු 04ක් පමණක් දැවී තිබියදීයි.

එහිදී ඕස්ට්‍රේලියානු මුල්පෙළ පිතිකරුවන්ට එතරම් ලකුණු අතරට පැමිණීමට හැකියාව නොලැබුණු අතර, සිය වගකීම හඳුනාගත් මැදපෙළ පිතිකරු ටිම් ඩේවිඩ් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා පහසුවෙන් රැගෙන ගියා.

ටිම් ඩේවිඩ් එහිදී සිය අර්ධ ශතකය පන්දු 16කදී ලබාගත් අතර, එය සැළකෙන්නේ ඕස්ට්‍රේලියානු පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකය ලෙසටයි.

කොදෙව් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ ටිම් ඩේවිඩ් පන්දු 37ක් තුළ නොදැවී ලකුණු 102ක් රැස් කළේ ඕස්ට්‍රේලියානු පිතිකරුවෙක් විස්සයි විස්ස තරග බිමේ රැස්කළ වේගවත්ම ශතකය ඔහුගේ නම ඉදිරියේ ලියා ගනිමින්.

ඔහුගේ එම ප්‍රහාරාත්මක ඉනිමට හයේ පහර 11ක් සහ හතරේ පහර 06ක් ඇතුළත් වුණා.

එමෙන්ම ටිම් ඩේවිඩ් රැස්කළ මෙම ශතකය වාර්තා පොත්වල සටහන් වුණේ විස්සයි විස්ස පිටියේ 12 වන වේගවත්ම ශතකය ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34