ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනකුට බරපතළයි

අද (13) අලුයම ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු සහ සහායක බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ මස්කෙළිය – හඟුරන්කෙත මාර්ගයේ දියි.

ටිපර් රථය අඩි 150ක් පමණ ප්‍රපාතයට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට නෝටන්බ්‍රිජ් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක් ව කටයුතු කර තිබෙනවා.

නල්ලතන්නිය සිට මවුස්සාකැලේ මංසන්ධිය දක්වා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ සංවර්ධන ව්‍යාපෘතියට ගම්පොළ සිට මිශ්‍ර කරන ලද කාපට් ප්‍රවාහනය කර ආපසු ටිපර් රථය හඟුරන්කෙත දක්වා ධාවනය කරන අවස්ථාවේ දියි මාර්ගයෙන් පිටතට පැන ප්‍රපාතයට පෙරළී ගොස් ඇත්තේ.

නෝටන්බ්‍රිජ් – ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ටැප්ලෝ හුළං වංගුව ප්‍රදේශයේ දි අනතුර සිදුව ඇති අතර රථයට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ.

ටිපර් රථය අනතුරට පත් වූ ස්ථානයේ ම ඉකුත් වසරේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?