ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනකුට බරපතළයි

අද (13) අලුයම ටිපර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු සහ සහායක බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ මස්කෙළිය – හඟුරන්කෙත මාර්ගයේ දියි.

ටිපර් රථය අඩි 150ක් පමණ ප්‍රපාතයට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට නෝටන්බ්‍රිජ් පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක් ව කටයුතු කර තිබෙනවා.

නල්ලතන්නිය සිට මවුස්සාකැලේ මංසන්ධිය දක්වා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ සංවර්ධන ව්‍යාපෘතියට ගම්පොළ සිට මිශ්‍ර කරන ලද කාපට් ප්‍රවාහනය කර ආපසු ටිපර් රථය හඟුරන්කෙත දක්වා ධාවනය කරන අවස්ථාවේ දියි මාර්ගයෙන් පිටතට පැන ප්‍රපාතයට පෙරළී ගොස් ඇත්තේ.

නෝටන්බ්‍රිජ් – ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ටැප්ලෝ හුළං වංගුව ප්‍රදේශයේ දි අනතුර සිදුව ඇති අතර රථයට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවයි වාර්තා වන්නේ.

ටිපර් රථය අනතුරට පත් වූ ස්ථානයේ ම ඉකුත් වසරේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?