මුලතිව්, පුදුකුඩිඉරිප්පු, තේරාවිල් ප්‍රදේශයේ දී ඊයේ (20) සිදු වූ ට්‍රැක්ටර් අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් පස්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
පොලිසිය පැවසූවේ මුලතිව්, වට්ටාපලෙයි කෝවිලේ මංගල්‍ය වෙනුවෙන් ට්‍රැක්ටරයක පිටුපස ට්‍රේලරයේ ගමන් ගත් පිරිසක් මෙලෙස අනතුර ලක්ව ඇති බවයි.
ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් ට්‍රැක්ටරය අතුරු මාර්ගයකට හැරවීමට යාමේ දී එහි පිටුපස ට්‍රේලරය පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ මුලතිව්,උලවනූර් ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි ආර්.මිදුෂිකන් නැමැති සිසුවෙක්.
තුවාල ලැබූ පස්දෙනා පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
පුදුකුඩිඉරිප්පු පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.




