ට්‍රාන්ස්ෆෝමර් කණුවෙන් කම්බි කැපූ පුද්ගලයා විදුලි සැර වැදී ජීවිතක්ෂයට

ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි ට්‍රාන්ස්ෆෝමර් කණුවක කම්බි කපමින් සිටි පුද්ගලක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පුද්ගලයා අද (18) අලුයම් කාලයේ දී මෙලෙස ට්‍රාන්ස්ෆෝමර් කණුවකට නැඟ එහි කම්බි කපමින් සිටි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 30ක පමණ පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට තවමත් හැකියාව නොලැබුණු බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර ට්‍රාන්ස්ෆෝමර් කණුව අසල තිබී බෑගයක් ද සොයාගෙන ඇති අතර, ඒ තුළ තිබී රෙදි සහ දෙමටගොඩ ප්‍රදේශයෙන් බෙහෙත් ලබාගත් තුණ්ඩුවක් ද තිබී හමු වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ පසුගිය කාලයේ අවට ප්‍රදේශවල ට්‍රාන්ස්ෆෝමර් කණුවල ඇති විදුලි කම්බි කපාගෙන යාමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වූ බවයි.

පුද්ගලයා මිය යාම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු යක්කල පොලීසිය මඟින් සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?