ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ජනාධිපති ලේකම් හමුවෙයි

මෙරට සංචාරයක නිරත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපති ෆ්‍රැන්සුවා වැලරියන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතර හමුවක් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම පවත්නා දූෂණයට එරෙහිව කටයුතු කිරීම සඳහා රජය දරණ අඛණ්ඩ ප්‍රයත්නය මෙහිදී ෆ්‍රැන්සුවා වැලරියන් වෙත පැහැදිලි කළ ජනාධිපති ලේකම්වරයා දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළ කිහිපයක්ම ආරම්භ කර ඇති බවත්, ඒවා දැනටමත් සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවත් සඳහන් කළා.

අල්ලස සහ දූෂණය තුරන් කිරීම, රාජ්‍ය අරමුදල් ඵලදායී ලෙස භාවිත කිරීම සහතික කිරීම සහ රට තුළ සුපිළිපන්න සංස්කෘතියක් ඇති කිරීම යන පුළුල් අරමුණු ඇතිව අල්ලස සහ දූෂණය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා ද වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති ලේකම්වරයා පැවසුවා.

මෙහිදී, අල්ලස සහ දූෂණය වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හඳුන්වා දුන් පියවරද අගය කළ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සභාපතිවරයා, දූෂණ විරෝධී ඉලක්ක ඉදිරියට ගෙන යාමේදී රජය සහ සිවිල් සමාජය ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙළට අඛණ්ඩව සහාය දැක්වීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කැප වී සිටින බව ද පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34