ට්‍රම්ප් – මස්ක් ආරවුල උත්සන්න වෙයි – දෙදෙනා අතර විරසකයක්

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදු කළ ලොව ධනවත්ම සමාගම් හිමිකරුවෙකු වන එලෝන් මස්ක් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මේ වනවිට (06) පවතින ආරවුල උත්සන්න වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දෙදෙනා ජනාධිපතිවරණ පූර්ව සමයේ මෙන් ම ජයග්‍රහණයෙන් පසුව ද සුහද ව මිත්‍රශීලී ව සිටිය ද, මේ වනවිට මස්ක් ට්‍රම්ප්ගේ පාලනයෙන් වෙන් වී කටයුතු කරමින් සිටිනවා.

ට්‍රම්ප්ගේ ඇතැම් පරිපාලන ක්‍රියාවලීන් දැඩි ලෙස විවේචනය කර ඇති මස්ක් පවසන්නේ පිස්සු වැටුණු අයෙකු සේ ක්‍රියා කරන ට්‍ර්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් රැගෙන ආ යුතු බවයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිලියනපති එලොන් මස්ක් අතර සබඳතා වසර ගණනාවක් පුරා විවිධ අවස්ථාවල දී ගැටුම් මධ්‍යයේ අඩු වැඩි වෙමින් පැවතුණා.

ට්‍රම්ප්ගේ දැවැන්ත බදු පනත සම්බන්ධයෙන් මතභේදයක් පසුගිය දින කිහිපය තුළ උත්සන්න වීමෙන් පසු, මස්ක් එක්සත් ජනපද ජනාධිපතිවරයාට එරෙහිව විවේචන කරන්නට පටන් ගෙන ඇති අයුරුත් දක්නට ලැබෙනවා.

මූලාශ්‍රය – ALJAZEERA

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?