ලෝකයේ තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යවසායකයක්ව සිටින ශ්‍රී ලංකාවේ උපන් චමත් පලිහපිටිය පසුගිය දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේදී පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වී තිබෙනවා.
ලෝකයේ තාක්ෂණ දැවැන්තයන් වන මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල්ගේට්ස්, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටිම් කුක්, මේටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග්, OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඔල්ට්මන්, Google ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චෙයි ඇතුළු ලොව ප්‍රකට පුද්ගලයන් රැසක් චමත් පලිහපිටිය සමඟ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව සිටියා.
49 හැවිරිදි චමත් පලිහපිටියගේ දළ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 4ක් ඉක්මවන බවයි පැවසෙන්නේ.
එම රාත්‍රි භෝජනයට සහභාගී වූ අවස්ථාවේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක කාර්යාලේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චමත් පලිහපිටිය ඇතුළු පිරිසක් අමෙරිකානු ආර්ථිකය පිළිබද කෙටි සාකච්චාවක නිරත වන වීඩියෝ පටයක් ද මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.














First time Good news about srilankan Mr.paliapitiya wish you all the best !
මේකත් අර කැලණි ගඟේ නාගයා වගේ නෙමෙයි නේද..?
චමත් අපේ රටට අබිමාණයක්. හරින් වගේ මෝඩ ඇමති කෙනෙක් සමග එක් වී බැලුන්නි ඇරීම නිසා ටිකක්විතර හෑල්ලු උනා..