AFC Banner
AFC Banner
Empty Ad

ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට හැකර්වරුන්ගෙන් කරදර

රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරයට අනවසරයෙන් ඇතුළුවීම සහ සයිබර් ඔත්තු බැලීම සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මහා ජූරි සභාව ඉරාන ජාතිකයින් තිදෙනෙකුට අධිචෝදනා ගොනු කර තිබෙනවා.

ඉරානය, චීනය සහ රුසියාව විසින් එක්සත් ජනපදය තුළ මැතිවරණ ඇඟිලි ගැසීම් පිළිබඳව කනස්සල්ලට පත් වීම හේතුවෙන් මෙම අධිචෝදනාව ඉදිරිපත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපදයේ ෆෙඩරල් අභිචෝදකයින් විසින් අද (28) මෙම නඩුවේ අපරාධ චෝදනා ගොනු කර තිබුණා.

මෙම හැකර්වරුන් විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරයේ සාමාජිකයින් ඉලක්ක කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබුණේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ නැවත තේරී පත්වීමේ ව්‍යාපාරයට සම්බන්ධ මාධ්‍යවේදීන් සහ ප්‍රධාන පුද්ගලයින් කිහිප දෙනෙකුට ද මෙම හැකර්වරුන් මෙම තොරතුරු යවා ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?