ටයිටන් සබ්මැරීනයේ කොටස් අතර මිනිස් සිරුරු කොටස් ?

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතර තිබී මිනිස් සිරුරු කොටස් බවට සැක කළ හැකි කොටස් හමුවී ඇති බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසනවා.

ටයිටැනික් නෞකාව නැරඹීමට ගමන් කරමින් තිබියදී පුපුරා ගිය සබ්මැරීනයේ කොටස් බදාදා කැනඩාවේ ශාන්ත ජෝන් වරායට රැගෙන එනු ලැබුවා.

සුන්බුන් අතර තිබී සබ්මැරීනයේ ගොඩබෑමේ රාමුව සහ පසුපස ආවරණයක් සොයාගත් බවයි නිලධාරීන් පවසන්නේ.

එක්සත් ජනපද වෛද්‍ය වෘත්තිකයන් විසින් එහි තිබී හමුවූ බව කියන දේහ කොටස් පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් සිදු කරනු ඇති බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

මෙම අනතුරට හේතු සොයා බැලීමේ පරීක්ෂණ තවමත් මුල් අදියරේ පවතින අතර වෙරළාරක්ෂක බලකායේ සමුද්‍ර විමර්ශන මණ්ඩලය සබ්මැරීන කොටස් (MBI) වැඩිදුර විශ්ලේෂණය සහ පරීක්ෂණ සඳහා සාක්ෂි එක්සත් ජනපද වරායකට ප්‍රවාහනය කරනු ඇති.

වෙරළාරක්ෂක බලකායේ ප්‍රධානී කපිතාන් ජේසන් නියුබවර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ටයිටන් සබ්මැරීනයේ අනතුරට හේතු වූ කරුණු අවබෝධ කර ගැනීමට සහ එවැනි ඛේදවාචකයක් නැවත සිදු නොවීමට වග බලා ගැනීම සඳහා තවත් සැලකිය යුතු පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කළ යුතුව ඇති බවයි.

පසුගිය 18 වනදා උතුරු අත්ලාන්තික් සාගරයේ මීටර් 3,800 (අඩි 12,500) ගැඹුරේ පිහිටා ඇති සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගිය 5 දෙනාම සබ්මැරීනය දියත් කර මිනිත්තු 90ක පමණ කාලයකින් පසු මිය ගිය බවටයි සැලකෙන්නේ.

මෙම ගමන සංවිධානය කළ OceanGate හි ප්‍රධානියා වන 61 හැවිරිදි Stockton Rush, බ්‍රිතාන්‍ය ගවේෂක හමිෂ් හාඩින් 58, ෂාසාදා ඩාවුඩ් 48, සහ ඔහුගේ පුත් සුලේමාන් ඩාවුඩ් 19 මෙන්ම ප්‍රංශ කිමිදුම්කරු Paul-Henry Nargeolet 77 ඒ අතර වුණා.

මේ වන විට ටයිටැනික් නෞකාව අසල ඇති විශාල සුන්බුන් ක්ෂේත්‍රයකින් සබ්මැරීනයේ එකේ ප්‍රධාන කොටස් පහක් සොයාගෙන ඇති බව වෙරළාරක්ෂක අංශ පවසනවා.

බදාදා ගොඩබිමට ගෙන ආ සුන්බුන් අතර අවම වශයෙන් එක් ටයිටේනියම් එන්ඩ් කැප් එකක්, ටයිටේනියම් වළල්ලක්, ගොඩබෑමේ රාමුවක් තවත් කොටස් කිහිපයක් වන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
18
+1
9
+1
13
+1
74
+1
22
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31