AFC Banner
Empty Ad
Empty Ad

ටටා සමූහයේ සභාපතිකම පවුල තුළම රැඳෙයි

ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා.

ඒ, අනුව රතන් ටාටාගේ බාල සොහොයුරා වන නොයෙල් ටාටා නව සභාපතිවරයා ලෙස පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

රතන් ටාටාගේ මරණයෙන් දිනකට පසු මෙම නව පත් කිරීම සිදුකිරීම ද විශේෂත්යක්.

ටාටා ට්‍රස්ට් නිවේදනයක් නිකුත් කරමින් අද (11) කියා සිටියේ එහි සභාපතිවරයා ලෙස නොයෙල් ටාටා ඒකමතිකව තෝරා ගත් බවයි.

මෙම පත්කිරීමත් සමඟ නොයෙල් ටාටා පැවසුවේ එම අවස්ථාව තමාට ගෞරවයක් බවත්, තම සහෝදරයාගේ උරුමය ඉදිරියට ගෙන යාමට තමා බලාපොරොත්තු වන බවයි.

67 හැවිරිදි නොයෙල් ටාටා ටටා සමූහ ව්‍යාපාරයේ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල කටයුතු කර තිබෙනවා.

ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටා අවිවාහකක් වන අතර, ඔහු ප්‍රසිද්ධියේ ඔහුගේ පසු සමාගමට නායකත්ව දෙන අනුප්‍රාප්තිකයෙකු නම් කර තිබුනේ නැහැ.

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළ රතන් ටාටා පසුගිය දා අභාවප්‍රාප්ත වූ අතර, ඒ වනවිට ඔහු 86 වන වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?