ඥානසාර හිමි කුරානයට අපහාස කළ සිද්ධියේ නඩුව කැඳවයි

මීට වසර 14 පෙර කුරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සමඟ ඉස්ලාම් දහමට අපහාසයක් සිදුකිරීම මඟින් ජාතික සමඟියට බාධා කිරීමේ චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා එය ජුනි මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී විත්තිකාරය ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

අද (01) දින පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල මහතා අනතුරුව එම නඩුව විභාගයට දින නියම කිරීම සඳහා ජුනි මස 26 වැනදා කැඳවන ලෙස නියම කළා.

පැමිණිල්ලේ පළවෙනි සාක්ෂිකරු අද දින අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඉදිරි නඩු දිනයේදී ද යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එම සාක්ෂිකරුට විනිසුරුවරයා අවවාද කළා.

මේවන විට මෙම නඩුවට අදාළ දැනට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇති මුලික නඩු ගොනුව හා සි.ඩි පටි යළි මහාධිකරණය හමුවේ කැඳවන ලෙසද නියෝග කරනු ලැබුවා.

මෙම සිද්ධිය සිදුවි දැනට වසර 14 ඉක්ම ගොස් ඇති බැවින් මෙම නඩුව ඉල්ලා අස් කර ගන්නා ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලිමක් කරන බවද විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙශ්ඨ නීතිඥ අශෝක වීරසිරි අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12