ගලගොඩඅත්තේ හිමිට යළි බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවමක්

කූරගලදී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ චෝදනා දෙකක් ඉදිරිපත් කර තිබුණා.

එම චෝදනා දෙකටම ඥානසාර හිමියන් වරදකරු කෙරුණා.

ඉන් අනතුරුව එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදීත්‍ය පටබැඳිගේ මහතා එම දඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවත් නියෝග කළා.

ඒ අනුව ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් හිමිවෙනවා.

ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 50000 බැගින් ලක්ෂයක දඩයක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණා.

2016 වසරේ මාර්තු 30 වනදා මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබුණා.

දඬුවම් නියම කිරීමට ප්‍රථම අධිකරණය හමුවේ කරුණු දැක්වූ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධිය වන වකවානුවේ රටේ පැවති වාතාවරණය පදනම් කරගෙන ඥානසාර හිමියන් විසින් අදාළ ප්‍රකාශය සිදුකළ බවයි.

කෙසේ වෙතත් මෙවැනි ප්‍රකාශවලින් ජාතීන් අතර පවතින සමගියට බාධා සිදුවන බව පෙන්වා දුන් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ආගමික නායකයෙකුට සමගිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණත් විත්තිකරු එම වගකීම ඉටුකිරීම පැහැර හැර තිබෙන බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම දඩුවම ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ අසාත් සාලි යන මහත්වරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩු පැවරීම් සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
33
+1
4
+1
9
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04