ගලගොඩඅත්තේ හිමිට යළි බරපතල වැඩ සහිතව වසර හතරක සිර දඬුවමක්

කූරගලදී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ චෝදනා දෙකක් ඉදිරිපත් කර තිබුණා.

එම චෝදනා දෙකටම ඥානසාර හිමියන් වරදකරු කෙරුණා.

ඉන් අනතුරුව එක් එක් චෝදනාවට වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදීත්‍ය පටබැඳිගේ මහතා එම දඬුවම් වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවත් නියෝග කළා.

ඒ අනුව ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් හිමිවෙනවා.

ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 50000 බැගින් ලක්ෂයක දඩයක් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.

එම දඩ මුදල් ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසර දෙකක සිර දඬුවම් නියම කරන බවත් නියෝගයේ සඳහන් වුණා.

2016 වසරේ මාර්තු 30 වනදා මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශයකින් ආගම් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 295 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබුණා.

දඬුවම් නියම කිරීමට ප්‍රථම අධිකරණය හමුවේ කරුණු දැක්වූ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ මෙම සිද්ධිය වන වකවානුවේ රටේ පැවති වාතාවරණය පදනම් කරගෙන ඥානසාර හිමියන් විසින් අදාළ ප්‍රකාශය සිදුකළ බවයි.

කෙසේ වෙතත් මෙවැනි ප්‍රකාශවලින් ජාතීන් අතර පවතින සමගියට බාධා සිදුවන බව පෙන්වා දුන් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ආගමික නායකයෙකුට සමගිය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණත් විත්තිකරු එම වගකීම ඉටුකිරීම පැහැර හැර තිබෙන බවත් සඳහන් කළා.

ඉන් අනතුරුව මෙම දඩුවම ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ අසාත් සාලි යන මහත්වරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩු පැවරීම් සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
5
+1
33
+1
4
+1
9
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?