AFC Banner
Empty Ad
Empty Ad

ජෝන්ස්ටන් ඇතුළු තිදෙනෙක්ට අධිකරණය හමුවේ චෝදනා කියවා දෙයි

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් ඔවුන්ගේ නීත්‍යනුකූල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අද (24) කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා කියවා දුන්නා.

අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී විත්තිකරුවන්ට එරෙහිව මෙම චෝදනා කියවාදීම සිදුකෙරුණා.

එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ අතර වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් මස 14 වනදා දක්වා කල් තැබුණා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් 39 දෙනෙකු ඔවුන්ගේ නිත්‍යානුකූල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
19
+1
1
+1
0
+1
3
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?