Empty Ad
Empty Ad
AFC Banner

ජේ.ආර්.ගේ කතාව මතක තියෙනකං ශ්‍රී ලංකාවට සහාය දෙන ජපන්නු

මෙරටට පත් ව ආ නව ජපාන තානාපති අකියො ඉසොමටා (H.E. Akio ISOMATA) මහතා සිය රාජකාරී කටයුතු අද (29) ආරම්භ කළා.

නව තානාපතිවරයා අභිනවයෙන් පත්වීමෙන් අනතුරුව තම සහෝදර ශ්‍රී ලාංකිකයින්ට ආචාර කිරීම සඳහා විශේෂ පිළිගැනීමේ උත්සවයක් ද මෙරට පිහිටි ජපාන තානාපති නිල නිවසේ දී පැවැත්වුණු බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පැමිණ සිටි පිරිස ඇමතූ නව ජපාන තානාපතිවරයා පැවසුවේ; නව රජය ගෙනි යන කටයුතු සඳහා ජපානය පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉලක්කයට ළඟා වීමට අවශ්‍ය පුහුණුව හා පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම ප්‍රකාශ කළා.

අතීතයේදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජේ. ආර්. ජයවර්ධන මහතා ජපානය වෙනුවෙන් පෙනී සිටිමින් සිදු කළ වැදගත් කතාව ද මතක් කරමින් නව ජපන් තානාපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාව සිය දීර්ඝ කාලීන මිත්‍රයෙකු බවත් ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් කළ හැකි උපරිමය සිදු කරන බවයි.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කතානායකවරු වන කරු ජයසූරිය, මහින්ද යාපා අබේවර්ධන, වර්තමාන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි ඇතුළු විදේශ තානාපතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරුන්, උසස් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?