මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 32ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ මන්නාරම මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ධීවරයින් පැමිණි ඉන්දීය ධීවර බෝට්ටු පහක් ද මෙහි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ධීවරයින් තලෙයිමන්නාරමේ ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දී ඇති බව සඳහන්.