ජේසු සමිඳාණන්ගේ උත්ථානය සිහිපත් කරමින් පාස්කු ඉරිදා සැමරෙයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් සමරන පාස්කු දිනය අද (20) ට යෙදී තිබෙනවා.

මෙම විශේෂී ආගමික උත්සවය ලොව පුරා සිටින කතෝලික ප්‍රජාව විසින් ස්මරණය කරනු ලබනවා.

ක්‍රිස්තියානි උත්සවයක් සහ සංස්කෘතික නිවාඩු දිනයක් වන මෙය ජේසුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීම සිහිපත් කිරීම සංකේතවත් කරනවා.

නව ගිවිසුම අනුව රෝමවරුන් විසින් ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා, ඔහුගේ භූමදානයෙන් පසු තුන්වන දින උත්ථානය සිදු වූ බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ.

පාස්කුව සමරන කිතුනුවන් සාමාන්‍යයෙන් පාස්කු ඉරිදාට පෙර සතිය ශුද්ධ වූ සතිය ලෙස හඳුන්වනවා.

බටහිර ක්‍රිස්තියානි ධර්මයේ ගොබ් ඉරිදා (ජේසුස් වහන්සේගේ ජෙරුසලම් ගමන සනිටුහන් කරමින්) ආරම්භ වන අතර, ඔත්තු බදාදා ද (ජේසුස් වහන්සේ පාවා දීම ගැන ශෝකය දක්වන) ඇතුළු මහ බ්‍රහස්පතින්දා අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය සිහිපත් කිරීම මෙන්ම මහා සිකුරාදා ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිපත් කිරීම සිදු කරනවා.

බයිබලයේ සඳහන් වන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බවයි.

අදට යෙදී තිබෙන පාස්කු මංගල්‍යය ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් ද ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලබන බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා නිවේදනය කළා.

මේ අතර පාස්කු ඉරිදා වෙනුවෙන් පැවැත්වුණු මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවන් ඊයේ (19) රාත්‍රී දිවයිනේ සෑම දේවස්ථානයකම පැවැත්වුණේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේයි.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහභාගී වූ විශේෂ දේව මෙහෙය ඊයේ රාත්‍රී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවැත්වුණා.

එමෙන්ම අද දිනයේ ද දිවයිනේ සියලු දේවස්ථානයකම දිව්‍ය පූජාවන් පැවැත්වෙන බව ද වාර්තාවනවා.

මේ අතර කතෝලික සහ අනෙකුත් ක්‍රිස්තියානි දේවස්ථානවලට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී හෙට (21) දිනට වසර 06ක කාලයක් ගත වනවා.

2019 අප්‍රේල් මස 21 වන දින එල්ල වූ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 273 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

එමෙන්ම එම ඛේදවාචකයෙන් තවත් පුද්ගලයින් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34